Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Rawwath Dasin (රැව්වත් දෑසින්) Lyrics

Composer

Yohani

Lyricist

Chanuka Mora

Lyrics Language:

රැව්වත් දෑසින් එක හෙලින් දැනුණා නුඹේ ආදර වදන් මට සිහිවේ මට සිහිවේ ඔබේ ගුණ කඳ මං ගයමි දැන් මගේ ආලෝකය නුඹ සෑම කල් ඔබ වන්දේ ඔබ වන්දේ තේරෙන් නෑ මේක පටන් ගන්න තැන මට මගේම හීනෙක තනිවෙන්නට වරම් නෑ මේක ඇදන් යන්න, කමක් නෑ මට විදිහක් නෑ මේක කියන්න මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න මගේ ආදරේ තරම කියන්න, කියන්න ඔබේ සවන් යොමන්න ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න එනකන් මග බලන් හිටියා අපි වරු ගණන්, දින ගණන් ඔබ නැති මේසේ, කෑවත් නෑ බඩ පිරුණේ නෑ ඔබ දකිනකන්, ගෙට වඩිනකන් පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා වින්දා මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා රැව්වත් දෑසින් එක හෙලින් දැනුණා නුඹේ ආදර වදන් මට සිහිවේ මට සිහිවේ ඔබේ ගුණ කඳ මං ගයමි දැන් මගේ ආලෝකය නුඹ සෑම කල් ඔබ වන්දේ ඔබ වන්දේ තිබුන් නෑ හරි ළමා කාලයක් තිබුනෙම ගැහෙනා නිහඬ භාවයක් රටින් රටට පිය මනින තාලයක් එකට කෑවෙ නෑ සෑහෙන කාලයක් පන්තියේ යාළුවෝ රවපු කාලයක් එන්නෙපා පාසල් කියපු රාවයක් ගොදුරක් වෙයි අපි උඹ නිසා රැව් දෙයි ඒ වදන් කන් පුරවලා වෙඩි නොවදින වවුනියාව මතකද නංගිගේ හුරතල් හිනාව මට තාම මතකයි ඔබ ගාව සුවඳයි හැම රෑම හඬවයි අම්මේ තාත්තා කෝ ඝණ කැලයක තනිවෙලා නුඹ වදිනවා යුධ, දිවි පසෙකලා ඒ බව මගේ හිත දැනං හිටි නිසා හැම දින නුඹ හට ආදරේ කළා කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා වඳින්නේ දෑත් මුදුන් කොට, නුඹයි මගේ විරුවා රැව්වත් දෑසින් එක හෙලින් දැනුණා නුඹේ ආදර වදන් මට සිහිවේ මට සිහිවේ ඔබේ ගුණ කඳ මං ගයමි දැන් මගේ ආලෝකය නුඹ සෑම කල් ඔබ වන්දේ ඔබ වන්දේ